ඔක්,06, (විමසුම) – අධ්‍යාපනය, සෞඛ්‍යය සහ කෟෂිකර්මය යන ක්ෂේත්‍ර සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් සකස් කළ ජාතික ප්‍රතිපත්ති ඉදිරි මාස 02 ඇතුළතදී ඉදිරිපත් කළ හැකිබව එම පක්ෂය පවසයි.
ඔක්,06,(විමසුම) – අද උදෑසන අනුරාධපුරදී සිදුවූ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා හා උතුරු මැද භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගමගේ අනුරාධපුරය බලා ගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔක්,06,(විමසුම) – විනයාග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත බව, රජයේ ආරංචි මාර්ග හෙළිකරයි.
ඔක්,06 (විමසුම) - ප්‍රාදේශීය වශයෙන් උත්තරපත්‍ර ඇගයීම ඊයේ අවසන් කර ඇති අතර, උසස් පෙළ ඇගයීම් නොකළ සෙසු ප්‍රශ්න පත්‍ර කොළඹට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් පවසයි.
ඔක්,07,(විමසුම) - ජ.වි.පෙ.ට අයත් යැයි කියන මන්ත්‍රී ධූරයක්, කරුණා අම්මාන්‍ට ලබාදීමට විරෝධය දක්වමින් ජ.වි.පෙ. අද පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සැරසේ.