ජන,05 (විමසුම) – මන්නාරම පරප්පකන්දාල් ප්‍රදේශයේ ඉදිකොට තිබූ කොටි බංකර් හයක් සමඟ කොටි සාමාජිකයන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා භාවිත කළ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අත්පත් කර ගැනීමට යුද හමුදාව සමත් වෙයි.
ජන,05 (විමසුම) – ටී.මහේෂ්වරන් මන්ත්‍රීවරයා ඝාතනය කළ බවට සැක කෙරෙන හා මෙතෙක් රෝහල්ගතව සිටි පුද්ගලයා මේ වන විට ඉන් ඉවත් කොට පොලිස් අපරාධ කොට්ඨාසය වෙත වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සඳහා භාර දී ඇත.
ජන,05 (විමසුම) – නැගෙනහිර පළාත නියෝජනය කරන ඇතැම් සංවිධාන මේ වන විට ඒකාබද්ධ නව පෙරමුණක් ලෙස එක්ව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා සූදානම් වෙමින් සිටී.
ජන,05 (විමසුම) – ශ්‍රී ලාංකේය අපනයනයන් අතර ප්‍රධානස්ථානයක් ගන්නා තේ වැනි නිෂ්පාදනයන් ඉන්දියානු වෙළඳපොළ වෙත අපනයනය කිරීම සඳහා ගිවිසුමකට එළැඹීමට දෙරට එකඟ වෙයි.
ජන,05 (විමසුම) – අද මන්නාරමේ ප්‍රදේශ කිහිපයක දී ඇති වූ ගැටුම්වලින් කොටි බංකර් 8ක් විනාශ වී ඇති අතර කොටි ත්‍රස්තවාදීන් 20 දෙනෙකු මිය ගොස් ඇති බව ආරක්ෂක අංශ පවසයි.