ඔක්,05,(විමසුම) – (දෙවන සංස්කරණය) රථ වාහන ගමනා ගමනයට සිදුවූ බාධා නිසා, කොළඹ කොටුවේ උද්ඝෝෂණයක නිරත වූ “තරුණ අරුණ” රැකියා විරහිත උපාධිධාරී විසුරුවා හැරිය බව, පොලීසිය කියයි.
ඔක්,05,(විමසුම) – පසුගියදා මාලදිවයිනේ, මාලේ අගනුවර සිදුවූ බෝම්බ පිපිරීම නිසා, සිය හෝටල් සඳහා සංචාරකයින් ආකර්ශනය වීමට බාධාවක් සිදුව නැතැයි ජෝන් කීල්ස් සමාගම කියයි.
ඔක්,05,(විමසුම) – මේ අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 15.5% කින් අඩුවූ බව, සංචාරක මණ්ඩලය කියයි.
ඔක්,05,(විමසුම) – ආසියාවේ සිවිල් ගුවන් සේවා අංශය වර්ධනය වෙමින් තිබෙන නිසා, ඒ ආශ්‍රිත රැකියා අවස්ථා වර්ධනය වෙමින් තිබෙන බවත්, ඉන් ඉංජිනේරු රැකියාවලට වැඩි තැනක් ලැබෙන බවත්, ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ගුවන් සේවා නිළධාරියෙකු කියයි.
ඔක්,05,(විමසුම) – පසුගිය දින කිහිපය තුළදී ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් පහළ යෑම නිසා, මේ මාසයේ ඛනිජ තෙල් මිල ගණන් වැඩි නොකරන බව, ඛනිජ තෙල් සංස්ථාව කියයි.