මාර්තු,05,(විමසුම)- අද උදෑසන 7.00 ට පමණ වව්නියාව කැබිතිගොල්ලෑව ප්‍රධාන මාර්ගයට යාබද මඩුකන්ද ප්‍රදේශයේ සිදු වූ ක්ලේමෝ බෝම්බ පිපිරීමකින් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක අංශ පවසයි.
මාර්තු,05,(විමසුම)- අද උදෑසන 8.45 ට පමණ පුත්තලම එළුවන්කුලම ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ. අත් බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළෙකු තුවාල ලැබූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය කියයි.
මාර්තු,05,(විමසුම) - එල්.ටී.ටී.ඊ.යට ලබාදීමේ අරමුණෙන් ඉන්දියාවේ, කේරලයේ නිෂ්පාදනය කරමින් තිබූ ඉන්දියානු රුපියල් මිලියන 4.2 ක් වටිනා බෝට්ටුවක් තමිල්නාඩු පොලීසිය මගින් කොටුකර ගෙන ඇත.
මාර්තු,05,(විමසුම) - ඇමරිකාවේ පරණ වාහන ලංකාවට ගෙන්වා, අළුත් වැඩියාකර ඒවා ආසියාවේ රටවලට යැවීමේ සමාගමක් ලංකාවේ ඇරඹීමට රජය සූදානම් වේ.
මාර්තු,05,(විමසුම) - මිග් ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ සිදුවෙද්දී අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කිරීම නීති විරෝධී බව විපක්ෂ නායකවරයා කියයි.