| ජුනි,07,(විමසුම) –බදු සහන පදනම මත ආනයනය කළ වාහන දේශිය වෙලෙඳ පොලේ විකිණිමේදි අය විය යුතු බඳු/ගාස්තු මුදල් තීරණය කිරිම සඳහා නව වැඩපිළිවෙලක් රජය මගින් සකසා ඇත.
මේ අනුව වාහනය ආනයනය කර වසර 03 ක සිට 05 ක කාලයක් ගතවි ඇති අවස්ථාවකදි රේගුව මගින් සාමාන්‍ය ක්‍රියාවලිය අනුව නිර්ණය කරන වටිනාකම මත,ක්ෂය කරන ලද වාහනයේ විටිනාකම පදනමි කර ගනිමින් වාහනය ආනයනය කරන අවස්ථාවේදි පැවති බඳු හා ගාස්තු ප්‍රතිශතයන් අනුව අය විය යුතු බදු,ගාස්තු මුදල තීරණය වේ.
මෙතෙක් බඳු සහන පදනම මත ආනයනය කර ඇති මෙම සහන අපේක්ෂා කරන්නන් මෙම දෙසැමිබර් 31 දාට පෙර මෙම ක්‍රියාවලිය සමිපුර්ණ කළ යුතු අතර වසර 03 ක් ඇතුළතදි ආනයනය කළ වාහන හා රජයේ සේවකයින්ට ලබා දුන් බලපත්‍ර වෙනුවෙන් අදාල නොවන බව රජය කියයි. බදු සහන පදනම මත ආනයනය කළ වාහන දේශිය වෙලෙඳ පොලේ විකිණිමේදි අය විය යුතු බඳු/ගාස්තු යාවත්කාලින කරන ලෙස වාහන අනයනය කරන්නන් මහභාණ්ඩාගාරය වෙත කරණු ලැබු ඉල්ලිමි සැලකිල්ලට ගෙන රජය මෙම පියවරයන් ගෙන ඇත. පුද්ගලයින් ලියාපදිංච්කිරිමේ දෙපාර්තමේන්තුවේ සේවා විමධ්‍යගත කෙරේ මේ යටතේ සැම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් අනුයුක්තව දෙපාර්තමේන්තුවේ ඒකක පිහිටුවා ඒවායේ පරිපාලනය පලාත් මටිටමින් සහකාර කොමසාරිස්වරටෙයකු පත් කිරිමට රජයේ අනුමැතිය හිමිව ඇත. මේ අනුව හැදුනුමිපත් නිකුත් කිරිමේ කාර්යය විමධ්‍යගත වේ. පළාත් පාලන ආයතන වලට තනි කැබිරථ 330 ක්. දිවයිනේ පළාත් පාලය ආයතන 330 ක් අතුරින් දුර්වල මුල්‍ය ශක්තියක් ඇති ආයතන වෙනුවෙන් මෙම රථ ලබා දිමට රුපියල් මිලියන 155 රජය මගින් වැය කෙරෙන අතර අවසන් වරට මෙම ආයතන වලට රථ ලබා දිම සිදු වුයේ 1998 දිය.
|