අගෝ,30,(විමසුම) – අයිඩියා කුසලාන ඉන්දු - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරඟාවලියේ 05 වන සහ අවසන් එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව පරදවා ලකුණු 112 ක ජයක් හිමි කර ගත්තේය.
අගෝ,30, (විමසුම) – විජය පුවත්පත් සමාගමේ වෙළඳ ප්‍රචාරණ අංශයේ සේවකයින් පිරිසකට පහරදුන්නා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රෝසි සේනානායක මහත්මියගේ ආරක්ෂක නිළධාරියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අගෝ,30 (විමසුම) – මංගල සමරවීර මහතා සහ තමා අතර අවබෝධතා ගිවිසුමක් නැතැයි අසත්‍ය දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අධිකරණයට වූ අපහාසයට උත්තර බැඳීම පිණිස අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි රනිල් වික්‍රමසිංහ මහතාට සිතාසි නිකුක් කරන ලදී.
අගෝ,30 (විමසුම) – පිටකොටුව ඕල්කට් මාවතේ බෝ ගස අසළ පිහිටි ඔරලෝසු විකීණීමේ යෙදෙන වෙළඳ සලක් අසළ අද දහවල් 12.15ට පමණ බෝම්බ පිපිරීමක් සිදු වී ඇති අතර ඉන් තුවාල ලැබූවන් 46 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.
අගෝ,30 (විමසුම) – අද දහවල් 12.15ට පමණ පිටකොටුව ඕල්කට් මාවතේ බෝ ගස අසළ පිහිටි වෙළඳ සලක් අසළ සිදු වූ කාල බෝම්බ පිපිරුමේ තවත් ඡායාරූප පහත පළ වේ.