නොවැ,28,(විමසුම)-(තෙවන සංස්කරණය) අද සවස 5.50 ට පමණ නුගේගොඩ මංසන්ධියේදී වූ පිපිරුම නිසා, මේ වනවිට 17 දෙනෙකු මියගොස් තිබෙන බව, කළුබෝවිල රෝහලේ ප්‍රකාශකයෙකු කියයි.
නොවැ,28,(විමසුම)- හෙට හා අනිද්දා බස්නාහිර පළාතේ පාසැල් වැසීමට තීරණය කර තිබෙන බව, අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
නොවැ,28,(විමසුම)- මහරගම නාවින්න ප්‍රදේශයේ තිබූ සැකකටයුතු පාර්සලය බෝම්බයක් නොවන බව, හමුදා ප්‍රකාශකවරයා කියයි.
නොවැ,29,(විමසුම) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කි-මූන් මහතා ඊයේ එල්.ටී.ටී.ඊ.ය විසින් එල්ලකරන ලද, බෝම්බ ප්‍රහාර හෙලාදකී.
නොවැ,29,(විමසුම) - එංගලන්ත- ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය බෝම්බ ප්‍රහාර නිසා නතර නොකරන බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මාධ්‍ය කළමනාකරු කියයි.