නොවැ,27,(විමසුම) – ජනාධිපතිවරයාගේ ඉරාන සංචාරයේදී, ඉරාන ණය යෝජනා ක්‍රමය යටතේ භාණ්ඩ ප්‍රවාහන නැව් දෙකක් මෙරටට මිලදී ගැනීම පිළිබඳ අවධානය යොමුවේ.
නොවැ,27,(විමසුම) – පාකිස්තානයට ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසීමට යම් කාලයක් දියයුතු බව, අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි.
නොවැ,27,(විමසුම) – සමාජ සුභසාධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීමට පැමිණි ද්‍රවිඩ යුවලක් අත් අඩංගුවට ගත්බව රජය පවසයි.
නොවැ,27,(විමසුම) – කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාරකන් ගේ අවසන් උපන්දින සැමරුම මෙය විය හැකියැයි, ආරක්ෂක ලේකම්වරයා කියයි.
නොවැ,27,(විමසුම) – යුනිසෙෆ් ආයතනය සම්බන්ධව නැගී ඇති චෝදනා ගැන, ඊයේ සිටම මූලික පරීක්ෂණ කිරීම ඇරඹූ බව, විදේශ අමාත්‍යවරයා කියයි.