ජන,29,(විමසුම) – ආරක්ෂක අංශ මගින් අල්ලා ගත් කිලිනොච්චි රෝහලට අයත් ලොරියේ තිබී තවත් සී 04 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 3.5ක් අද සොයා ගන්නා ලදී.
ජන,29 (විමසුම) – වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සංචාරක නිවාසයේ වැඩ කටයුතු කළ දෙදෙනෙක් ඊයේ රාත්‍රියේ දී කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කොට ඇතැයි වාර්තා වේ.
ජන,29 (විමසුම) – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ලබන පෙබරවාරි පළමුවනදා සිට පැරණි ආගමන විගමන කාඩ් පත් වෙනුවට පරිඝණකගත නව කාඩ්පතක් හඳුන්වා දීමට නියමිතයි.
ජන,29 (විමසුම) – මන්නාරම මුදා නොගත් පාලන ප්‍රදේශයක දී පාසල් බස් රථයක් ඉලක්ක කොට ක්ලේමෝ බෝම්බයක් පුපුරා ගොස් ඇතැයි වාර්තා වේ.
ජන,30,(විමසුම) – 2007 තෙවන කාර්තුවේදී රෝයල් සෙරමික් සමාගමේ ශුද්ධ ලාභය, 2006 තෙවන කාර්තුවට සාපේක්ෂව 58% කින් වැඩිවේ.