මැයි,04,(විමසුම) – දෙවන යුධාධිකරණයට සහභාගීවීම සඳහා අද පස්වරු 1.00 ට තමාව පාර්ලිමේන්තුවෙන් රැගෙන යනබව දැනුම් දී ඇති බවත් පස්වරු 4.00 වන තෙක් පාර්ලිමේන්තු සභාවාරයට තමාට සහභාගී වීමට අවශ්‍ය බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා කතානායකවරයාට කියයි.
මැයි,04,(විමසුම) – මෙරට වෙළඳ නාම තේ වෙළඳපොළේ වැඩි කොටසක් අත්පත් කර ගැනීමේ අරමුණෙන් යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම නව තේ වෙළඳ නාමයක් හඳුන්වා දෙයි.
මැයි,04,(විමසුම) – හදිසි නීතිය තමාගේ වයසටත් වඩා වැඩි බවත් එය ක්‍රමයෙන් ඉවත් කළ යුතු බවත් ජනාධිපතිවරයාගේ දෙටු පුත් විසිතුන් හැවිරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂ සිය මංගල පාර්ලිමේන්තු කතාවේදී කීය
මැයි,04,(විමසුම) – බරපතල වැඩ සහිතව වසර විස්සක සිර දඬුවම් නියම වී තිබූ මාධ්‍යවේදී ජේ.එස්.තිස්සනායගම්ට විශේෂ ජනාධිපති සමාවක් ලබාදීම ගැන ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන පැසසුම් කර තිබෙන අතර ඔහුට නිදහසේ රාජකාරිය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
මැයි,04,(විමසුම) – සරසවි සිසුන් අද දහවල් විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිසම ඉදිරිපිටදී සිදුකළ විරෝධතා පා ගමනට පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් සිසුවෙකු බරපතල තුවාල ලබයි.