දෙසැ,03, (Vimasuma) – පවතින යුධ වාතාවරණයත් සමගම, ත්‍රිවිධ හමුදාවේ ආබාධිත සංඛ්‍යාව මේ වනවිට 21,000 දක්වා ඉහළ ගොස් ඇතැයි, රණවිරු සේවා අධිකාරිය පවසයි.
දෙසැ,03, (Vimasuma) – ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් ටිකට් පත්වලින් අයකළ ඉන්ධන අධි භාරය, සමහර ගමනාන්ත සඳහා ලබන ජනවාරි 01 දා සිට ඉවත් කරන බව නිවේදනය කරයි.
දෙසැ,03, (Vimasuma) –අද උදෑසන කිලිනොච්චියේ අඩම්පන් උතුරු සහ පුදුමුරිප්පුකුලම් උතුරු ප්‍රදේශවල හඳුනා ගත් එල්.ටී.ටී.ඊ. ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ආරක්ෂක අංශ පවසයි.
දෙසැ,04,(විමසුම) - ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි.
දෙසැ,04,(විමසුම) - උතුරු - නැගෙනහිර පළාත්වල සේවය කිරීම සඳහා වෛද්‍යවරුන් කණ්ඩායමක් අද පිටත්වූ බව, සෞඛ්‍ය අමාත්‍යවරයා කියයි.