ජන,03,(විමසුම) – අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්රෑම් 12.5 ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 212 කින් ඉහළ දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර තිබේ.
ජන,03,(විමසුම) – සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වන බව, අද සවස නිළ වශයෙන් රජය ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයාට දැනුම්දී ඇත.
ජන,04,(විමසුම) – ඉහළ යන උද්ධමනය පාලනයට හා අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක ළඟාකර ගැනීමට විධිමත් රාජ්‍ය ණය කළමනාකරණයක අවශ්‍යතාවය, මහ බැංකුව අවධාරණය කරයි.
ජන,04,(විමසුම) – වැල්ලවත්ත ප්‍රදේශයේ දමිළ තරුණයෙකු අතුරුදන් වී ඇති බව වැල්ලවත්ත පොලීසිය කියයි.
ජන,04,(විමසුම) – ආචාර්ය අමාත්‍ය මර්වින් සිල්වා පසුගියදා රූපවාහිනී සංස්ථාවට කඩාවැදී කළ කෝලාහලය විමර්ශනයට ශ්‍රී.ල.නි.ප විසින් ත්‍රී පුද්ගල කමිටුවක් පත්කර තිබේ.