| ජුනි,06,(විමසුම) –ත්‍රස්තවාදය පරාජය කිරිම සඳහා ඉන්දිය රජය ශ්‍රි ලංකා රජය වෙත පුර්ණ සහාය පළ කර ඇතැයි අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා අද පාර්ලිමේන්තුවේදි පැවසීය. වත්මන් රජයේ ඇතැම් ක්‍රියා නිසා ඉන්දිය රජයේ හොද හිත පලුදු වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අද පාර්ලිමේන්තුවේ දි කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවසීය. කෙසේවෙතත්, ආරක්ෂක හේතුන් මත ඒ පිළිබඳව වන ආරක්ෂක තොරතුරු හෙළිකළ නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත. හදිසි නීතිය මසකින් දිර්ඝ කිරිමේ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙමින් පවතී.
මෙහිදි කතා කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතැම් දේශපාලකයින් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලංකාව අපකිර්තියට පත් කිරිමේ උත්සාහයක නිරත වෙමින් පවතින බව කිවේය. මේ අතරේ අද කොළඹ දී පැවති සතියේ ආරක්ෂක තොරතුරු දැනුම් දිමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රජයේ ආරක්ෂක ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා යුරෝපා පාර්ලිමේන්තුව හමුවේ රජය අපහසුතාවයට පත් කිරිමට දැරූ වෑයම පරාජය කිරිමට ලැබීම රජයේ විශාල ජයග්‍රහණයක් බව පැවසීය. සුනාමි ප්‍රතිසංස්කරණ,මානව හිමිකමි උල්ලංඝනය විමි දඩමීමා කරමින් බ්‍රසල්ස් හිදී රජය අපහසුතාවයට පත් කිරිමට ඇතැම් දෙනා උත්සාහ කළ බවත්,එහිදි කොටි ත්‍රස්තවාදින්ගේ කෲරකම් ඔවුන් අමතක කළ බවත් අමාත්‍ය රඹුක්වැල්ල පැවසීය. කෙසේවෙතත්, මෙවැනි අසත්‍ය ප්‍රචාර හමුවේ යුරෝපා පාර්ලිමේන්තුවේ මතය වූයේ එල්.ටී.ටී.ය යළි සාකච්ඡා මේසයට ගෙන ඒම බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
|