2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2007 >

ශ්‍රී ලංකා-ඉන්දියා පළමු එක්දින තරගයට වැස්සෙන් බාධා  
02/08/2007 17:17
පෙබ.08,(විමසුම)- ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, අද (08) ඉන්දියාවේ, කොල්කටා නුවර, “ඊඩ්න්ගාඩ්න්” ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයට වැස්සෙන් බාධා සිදුවී ඇත.



උ-නැ ප්‍රශ්නයට ශ්‍රි.ල.නි.ප. විසඳුම් ළඟදීම!  
02/08/2007 18:04

පෙබ.08,(විමසුම)-උතුරු-නැගෙනහිර අර්බුදයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විසදුම් යෝජනා ඉදිරි සති කිහිපය ඇතුළතදි රට හමුවේ තබන බව, එහි මහ ලේකම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ඒකීය රටක් තුළ පුළුල් බලය ‍ෙබදාහැරීමක් පිළිබඳ යෝජනා ශ්‍රි.ල.නි.ප.යේ මෙම යෝජනාවල ඇතුළත් වන බව අද (08) කොළඹ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පක්ෂයේ මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා අනාවරණය කළේය.



ශ්‍රි.ල.නි.ප විනය ගැන මහින්දගෙන් දැඩි ප්‍රකාශයක්!  
02/08/2007 18:30

පෙබ.08,(විමසුම)- ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ විවිධ කුමන්ත්‍රණ දියත් කරන පිරිස් වෙත්නම්, ඹවුනට එරෙහිව විනයානුකුලව පියවර ගන්නා බව, පක්ෂ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.



ගාමිණී පුත් ශ්‍රි.ල.නි.ප.යෙන් බටහිර කොළඹට!  
02/08/2007 19:16

පෙබ.08,(විමසුම)-බටහිර කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායක ලෙස හිටපු අමාත්‍ය ගාමිණි දිසානායක මහතාගේ කණිටු පුත්, මයන්ත දිසානායක අද (08) දා ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් සිය පත්වීමේ ලිපිය භාර ගත්තේය.

මේ අතර, ජනාධිපති ඥාති පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිරූපමා රාජපක්ෂ මහත්මියට මුල්කිරිගල සංවිධායක ධුරය හිමිව ඇත..



මරදාන “කළු පාලම” යට බෝම්බ නෑ.  
02/09/2007 11:03
පෙබ.09,(විමසුම)- අද (09) උදෑසන දෙමටගොඩ හා මරදාන අතර පිහිටි, දෙමටගොඩ “කළු පාලම” යට, බෝම්බයක් තිබෙන බවට, රාවයක් පැතිරයෑම නිසා, එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය නතර කළත්, එහි බෝම්බයක් නොමැති බව, අනාවරණය වේ.