අගෝ,27, (විමසුම) – නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකින් කාත්තන්කුඩි ප්‍රදේශයේ වෙළඳසැල් හිමියෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
අගෝ,27,(විමසුම) – ඊයේ රාත්‍රී කොටින්ගේ සැහැල්ලු ගුවන් යානයකින් දැමූ බෝම්බ වැටුණේ ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරට බවත් ඉන් නාවික භටයින් දස දෙනෙකු තුවාල ලැබූ බවත් ආරක්ෂක අංශ කියයි.
අගෝ,27,(විමසුම) – බෙයිජිං ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම අද උදෑසන දිවයිනට ළඟාවිය.
අගෝ,27, (විමසුම) – වර්ෂාව නිසා ඊයේ පැවැත්විය නොහැකි වූ ඉන්දු-ලංකා එක්දින තරගාවලියේ සිව්වැනි තරගය අද පස්වරුවේ යළි පැවැත්වීමට නියමිතය.
අගෝ,27,(විමසුම) – ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා මගින් අද උදෑසන කොටි බංකර් පෙළක් වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කරයි.