නොවැ,24 (විමසුම) – උප පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරයෙකු අද උදෑසන 11.00ට පමණ ක්ලේමෝ බෝම්බයකට හසුවීමෙන් මිය ගොස් ඇත.
නොවැ,24 (විමසුම) – සන්ඩේ ලීඩර් සහ ඉරු දින යන පුවත්පත් මුද්‍රණය කෙරෙන රත්මලානේ පිහිටි මුද්‍රණාලයට ගිනිතැබීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී මාධ්‍ය සේවක උද්ඝෝෂණයක් පැවැත්විණි.
නොවැ,24 (විමසුම) - සිඩ්නි ඔලිම්පික් තරඟය ද ඇතුළුව 2000 වසරේ සැප්තැම්බර් පළමුවෙනිදායින් පසුව මේරියන් ජෝන්ස් විසින් තරඟ වැදුණු සියළු තරඟාවළීන්වල පදක්කම් සහ ත්‍යාග මුදල් ආපසු ලබා ගැනීමට ඊයේ ජාත්‍යන්තර මළල ක්‍රීඩා සංගමය විසින් තීරණය කරන ලදී.
නොවැ,24 (විමසුම) – පුද්ගල නාශක බෝම්බයක් පෑගීමෙන් එක් හමුදා නිලධාරියෙකු මිය ගොස් තවත් සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි ආරක්ෂක අංශ අනාවරණය කරයි.
නොවැ,24 (විමසුම) – බ්‍රිතාන්‍යයේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන කම්ලේෂ් ෂර්මා මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ නව මහ ලේකම්වරයා ලෙස පත් කොට ඇතැයි වාර්තා වේ.