මාර්තු,29,(විමසුම) – එළඹෙන උත්සව සමයේ පාරිභෝගික නීති කඩකරන්නන් අත්අඩංගුවට ගැනීම සදහා පුළුල් වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අමාත්‍යංශය පවසයි.
මාර්තු,29,(විමසුම) – රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ නාලනී ශ්‍රීධරන් තමා නිදහස් කරන ලෙස කළ ඉල්ලීම තමිල්නාඩු රජය අද ප්‍රතික්ෂේප කරයි.
මාර්තු,30,(විමසුම) – තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින් සඳහා අද (30) හා හෙට (31) ඡන්දය ලබාදීමට කටයුතු සලසා ඇති බව මැතිවරණ ලේකම් කාර්යාලය පවසයි.
මාර්තු,30,(විමසුම) – නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙටින් (31) අවසන් වන බවත්, මේ වනවිට එම බෙදා හැරීම් සියයට 60 කින් පමණ අවසන් කර ඇති බවත් තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
මාර්තු,30,(විමසුම) – වියට්නාමය මූලස්ථානය කර ගනිමින් ලාඕසයේ හා කාම්බෝජයේ වේගයෙන් දියුණු වෙමින් පවතින සංචාරක කර්මාන්තයට ඇතුළු වීමට මෙරට ජෙට් වින්ග් සමාගම සූදානම් වේ.