2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

එල්.ටී.ටී.ඊ. වෙඩි පහරින් පුද්ගලයන් 2ක් මරුට  
03/28/2008 09:55

මාර්තු,28,(විමසුම) –අම්පාර මධ්‍යම කඳවුර පොලිස් වසමට අයත් 16 කොළණිය ප්‍රදේශයයේදී සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව ආරක්ෂක අංශ කියයි.



ගැටුම් වලින් එල්.ටී.ටී.ඊ. 17ක් මරුට  
03/28/2008 10:20

මාර්තු,28,(විමසුම) –මන්නාරම,වැලිඔය,වවුනියාව ප්‍රදේශ කිහිපයක ඇති වූ ගැටුම්වලින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 17 දෙනෙකු මිය ගිය බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.



ද්‍රවිඩ සන්ධාන තීරණය සති අන්තයේ  
03/28/2008 11:25

ද්‍රවිඩ සන්ධානය රනිල් හා විශේෂ හමුවක්

මාර්තු,28,(විමසුම) –නැගෙනහිර පළාත් සභා ඡන්දයට තරඟ කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන්, මෙම සති අන්තයේ ද්‍රවිඩ සන්ධාන තීරණය ප්‍රකාශයට පත් කරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධීරාජා මහතා “විමසුම”ට පැවසීය.



හමුදාවේ නව උසස් විම් මෙන්න.  
03/28/2008 11:27

මාර්තු,28,(විමසුම) -යුධ හමුදාවේ බ්‍ර්ගේඩියර් ධුර දැරූ නිලධාරින් තුන් දෙනෙකු මේජර් ජනරාල් ධුරයට උසස් කර ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍ර්ගේඩියර් උදය නානායක්කාර මහතා පවසයි.

අදාළ පත්වීම් ලිපි අද උදෑසන එම නිළධාරින්ට ලබා දී ඇති බවද හෙතෙම කියයි.



සිවුරක් පෙරවූ ද්‍රවිඩ පුද්ගලයකු අත්අඩංගුවට  
03/28/2008 11:32

මාර්තු,28,(විමසුම) –අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වූ සිවුරක් පොරවා ගත් ද්‍රවිඩ පුද්ගලයකු බලංගොඩ දී කල්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.