මාර්තු,28,(විමසුම) –උතුරේ අවතැන් වූවන් ලක්ෂ 02කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නැවත පදිංචි කර ඇති බවත්, කඳවුරුවල දැනට ඉතිරිව ඇත්තේ 76, 205ක් පමණක් බවත් රජය පවසයි.
මාර්තු,28,(විමසුම) – මැතිවරණ දිනයේ දී ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිදු විය හැකි අක්‍රමිකතා මැඬලීමට විශේෂ වැඩපිළිළෙක් යොදන බව විපක්ෂය පවසයි.
මාර්තු,28,(විමසුම) – නීති විරෝධී පෝස්ටර්, බැනර්, කටවුට් ඇතුළු සියලු මැතිවරණ ප්‍රචාරණ අප්‍රේල් 05වනදා වන විට ඉවත් කළ යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිට උපදෙස් දෙයි.
මාර්තු,28,(විමසුම) – ලබන වසරේ සිට පාසල් සිසුන් සඳහා අවශ්‍ය වන පාසල් පොත් බෑගය පාසල තුළින් පමණක් මිලදී ගත යුතු බව අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් කාර්යාලය පවසයි.
(විමසුම) – වියට්නාමයේ වේගයෙන් වර්ධනය වන සේවා අංශයේ ආයෝජනය සඳහා මෙරට ආයෝජකයින්ට වැඩි අවස්ථාවක් තිබෙන බව අනාවරණය වේ.