අප්‍රේල්,29 (විමසුම) - කාලානුරූපීව ජනතා විමුක්ති පෙරමුණ වෙනස් නොවීම පක්ෂයේ බිඳ වැටිමට හේතුව බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතා පවසයි.
අප්‍රේල්,29,(විමසුම) - කෑගල්ල යටියන්තොට නාය යෑමෙන් එක් පුද්ගලයකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අප්‍රේල්,29 (විමසුම) - මැයි පළමුවනදාට පෙර සත් භාවයෙන් යුතුව තම පාර්ශවය සමඟ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවකට ජනතා විමුක්ති පෙරමුණු නායකත්වය අවතීර්ණ නොවන්නේ නම් නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.
අප්‍රේල්,29,(විමසුම) - එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් තිදෙනෙකු ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.
අප්‍රේල්,29 (විමසුම) - නැගෙනහිර ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටියදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය අනතුරකට ලක්වීමෙන් ඔහුගේ පාදයකට හානි සිදු වී ඇතැයි වාර්තා වේ.