මාර්තු,26,(විමසුම) –ශ්‍රී ලංකන් ගුවන් සේවය, නිරන්තරයෙන් ස්වකීය සේවාව ලබා ගන්නා, මගීන් වෙනුවෙන්, “Smiles” නමින් නව ත්‍යාග රැසක් පිරිනමන සේවාවක් මෙම 01 දා සිට ජුනි 28 දා දක්වා දියත් කරයි .
මාර්තු,26,(විමසුම) –මන්නාරම යෝධවැවට උතුරින් පිහිටි එල්.ටී.ටී.ඊ. කඳවුරු 02 ක් ,අද උදෑසන 10.15 ට පමණ එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ මුළුමනින්ම විනාශ වූ බව ආරක්ෂක අංශ පවසයි.
මාර්තු,26,(විමසුම) – ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන්නා වන චමින්ද වාස් තවත් වසරකින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි.
මාර්තු,26,(විමසුම) – ශ්‍රී ලංකා විදුලි බල පනත නමින් විදුලිබල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට යොමුකර තිබෙන පනත් කෙටුම්පතට විරෝධය දක්වන වෘත්තීය සමිති රජය සමග සාකච්ඡාවක් ඉල්ලයි.
මාර්තු,26,(විමසුම) – 1973 ලේක්හවුස් විශේෂ විධි විධාන පනත බලාත්මක කරන්නැයි ඉල්ලා හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට ලේක්හවුස් සේවක සංගමය සුදානම්වේ.