පෙබ 27.(විමසුම) –ශ්‍රී ලංකාවේ යුධ ගැටුම්වල බලපෑමට ලක් වු ප්‍රදේශවල ඉඩමි අයිතිය පිළිබඳ ප්‍රශ්න විසදිමට ගන්නා ප්‍රයත්නයන්ට ආදර්ශ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ රජයේ නියෝජිත පිරිසක් නැගෙනහිර ටීමෝරයේ සංචාරයක නිරත වේ.
පෙබ,27,(විමසුම) – නිර්පාක්ෂික ආර්ථීක විද්වතෙකු ලෙස රූපවාහිනී වාද විවාද මෙහෙයවමින් හා පුවත් පත් වලට රජයේ ආර්ථීක ප්‍රතිපත්ති විවේචනය කරමින් කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙවර එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටී.
පෙබ,27,(විමසුම) – ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඉකුත් දෙසැම්බර් කාර්තුවේ අලාභ ලද බව එම සමාගම කියයි.
පෙබ,27,(විමසුම) – මහ මැතිවරණය සඳහා වන ප්‍රචාරක කටයුතු එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පෙරමුණ අද අරඹන අතර ප්‍රජාතාන්ත්‍රවාදී ජාතික සන්ධානය ලබන මාර්තු 01වනදා සිට අරඹන බව එම පක්ෂ පවසයි.
පෙබ,27,(විමසුම) – අද පෙරවරුවේ චිලී දේශයේ හට ගත් භූමි කම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි තර්ජනයක් නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.