නොවැ,03 (විමසුම) – ඊයේ (02) සවස 2.30ට පමණ වව්නියාව නාවත්කුලම් ප්‍රදේශයේ දී යුධ හමුදාව හා එල්.ටී.ටී.ඊය අතර ඇතිවූ ගැටුමක දී කොටි සාමාජිකාවන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
නොවැ,03 (විමසුම) – එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් කලකට ඉහත දී වෙන්ව ගිය කරුණා අම්මාන් ලන්ඩනයේ දී අත් අඩංගුවට ගෙන මේ අවස්ථාව වන විට බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලීසිය භාරයේ පසු වන බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාංශය අද රොයිටර් පුවත් සේවයට සනාථ කොට ඇත.
නොවැ,03 (විමසුම) – කොළඹ වරාය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එස්.පී. පතිරණ මහතා සන්නද්ධ අයෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක් ව ඇත.
නොවැ,03 (විමසුම) – හමුදා රියක ගැටීමෙන් යතුරු පැදියක ගමන් කරමින් සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වේච්ඡා නිළධාරියෙකු මිය ගොස් ඇතැයි අනාවරණය වේ.
නොවැ,03 (විමසුම) – හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 108 දෙනෙකුට ආපසු සිය රට බලා යන ලෙසට දැනුම් දී ඇතැයි අන්තර් ජාතික හෙරල්ඩ් ට්‍රිබියුන් පුවත්පත අද වාර්තා කොට ඇත.