මාර්තු,25,(විමසුම) – සිවිල් වැසියෙකුගෙන් ලද තොරතුරක් මත පොලීසිය විසින් මෝදර ප්‍රදේශයෙන් අධිබලැති සී-04 පුපුරණ ද්‍රව්‍ය තොගයක් කොටුකර ගනී.
මාර්තු,25,(විමසුම) – පෑලියගොඩ, තොරණ හන්දියේ ඉදිවූ කැළණිය ගුවන් පාලම අද උදෑසන 7.00 ට පමණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය.
මාර්තු,25,(විමසුම) – නැගෙනහිර පළාත් සභා ඡන්දයට එ.ජා.ප.ය තරග කළ යුතු බව අද උදෑසන රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි.
මාර්තු,25,(විමසුම) –අද උදෑසන මුලතිව් උදයර්කට්ටුකුලම් ප්‍රදේශයේ පිහිටි එල්.ටී.ටී.ඊ. කඳවුරක්, ගුවන් හමුදා ප්‍රහාර හමුවේ මුළුමනින්ම විනාශ වූ බව ආරක්ෂක අංශ පවසයි.
මාර්තු,25,(විමසුම) – සබන් හා දන්තාලේප නිෂ්පාදනය කළ වැලිසර පිහිටි සිය කර්මාන්තශාලාව හා එය ඇති ඉඩම විකුණා දැමීමට හේමාස් සමාගම සැරසෙයි.