2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

හමුදාව ජයපුරම් ජය තහවුරු කරයි  
10/29/2008 14:42

ඔක්‍,29,(විමසුම) – යුද හමුදාවේ 58 වැනි බළකායේ හේවායෝ අද කිළිනොච්චි ඒ 32 මාර්ගයේ බටහිර පිහිටි ජයපුරම්හි බලය අත්පත් කරගත් බව ආරක්ෂක අංශ පවසයි.



බලාගාරයට බෝම්බ හෙළීමෙන් පසු - Photo  
10/29/2008 15:25

ඔක්‍,29,(විමසුම) – කොටි සැහැල්ලු ගුවන් යානයකින් කැළණිතිස්ස බලාගාරය‍ට ඊයේ රාත්‍රී හෙළු බෝම්බ වලින් සිදුවූ හානි දැක්වෙන ඡායාරූප මෙන්න.

ආරක්ෂක අංශ පැවසුවේ කොටියන් විසින් ඊයේ රාත්‍රී කැළණිතිස්ස විදුලි බලාගාරයට බෝම්බ දෙකක් හෙළා තිබෙන බවයි.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න අද පැවසුවේ මින් එක් බෝම්බයක් විදුලිය ජනනය කරන තලබමනය සිසිල් කරන පද්ධතියට වැටී තිබෙන බවත් අනික ගොඩනැගිල්ලක ඉහළ මාලයට වැටී තිබෙන බවයි.

එම බෝම්බය ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් තට්ටුවද හිල් කරගෙන බිමට වැටී පිපිරී තිබෙන බව මූලික පරීක්ෂණ වලදී තහවුරු වූ බව අමාත්‍යවරයා කීය.

හානි සිදුවී තිබෙන තලබමනය අළුත් වැඩියාවට මාස 06 ක් පමණ ගතවනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පවසන්නේ බලාගාරයට සිදුවූ හානි පිළිබඳව තක්සේරු කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවත්, ප්‍රහාරය නිසා විදුලිය සැපයුමට කිසිදු බාධාවක් සිදුව නොමැති බවයි.



නච්චිකුඩා ඉදිරි ආරක්ෂක වළල්ලත් අල්ලයි  
10/29/2008 19:53
අක්කරායන්කුලම් වැව් බැම්ම හා ජෙයපුරම් ප්‍රදේශයත් හමුදාව යටතට

ඔක්,29,(විමසුම) – හමුදාව අද කිලිනොච්චියේ නච්චිකුඩා ඉදිරි ආරක්ෂක වළල්ල හා අක්කරායන්කුලම් වැව් බැම්ම අල්ලා ගත්බව ආරක්ෂක අංශ කියයි.



පාකිස්තානයේ පොළව හෙල්ලී මැරුණු ගණන ඉහළට  
10/30/2008 08:25

ඔක්,30,(විමසුම) – නිරිත දිග පාකිස්තානයේ ඇතිවූ භූමි කම්පාවෙන් මිය ගිය පුද්ගලයන් ගණන 215 දක්වා ඉහළ නැග ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.



කින්නියාවෙන් අවි හා උණ්ඩ තොගයක් කොටුවේ  
10/30/2008 08:58

ඔක්‍,30, (විමසුම) – ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ වළදමා තිබූ ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයා ‍ගත්බව පොලීසිය කියයි.