අගෝ,28,(විමසුම) – වැටුප් වර්ධක ඉල්ලා විදුලි සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය 80% කින් පමණ සාර්ථක වී ඇති බව, විදුලිබල මණ්‌ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
අගෝ,28,(විමසුම) – මාළිගාවත්ත ජුම්මා මජ්ජීඩ් මාවතේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් මාළිගාවත්තේ ෆාජි නම් ප්‍රබල පාතාල කල්ලි නායකයා ඇතුළු තිදෙනෙකු මියගිය බව, පොලීසිය පවසයි.
අගෝ,28,(විමසුම) – ගිය වසරේදී ලාභ ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වසරේ මාර්තු මාසයෙන් අවසන් වන මුදල් වර්ෂයේදී රුපියල් බිලියන 9.99 ක, අති විශාල පාඩුවක් වාර්තා කරයි.
අගෝ,28,(විමසුම) – චීනයේ සහ ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පන දෙකක් අද සිදුවූ බව විදෙස් මාධ්‍ය පවසයි.
අගෝ,28,(විමසුම) – දකුණු පළාත් සභා මැතිවරණය එළඹෙන ඔක්තෝම්බර් 10 වනදා පවත්වන බව, මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි.