දෙසැ,30,(විමසුම) – ඒ -9 පාර විවෘත වී උතුරේ ජනජීවිතය යථා තත්ත්වයට පත්වීමත් සමග යාපනයේ තාවකාලික ඇඳිරි නීතිය හෙට සිට ඉවත් කරන බව, රජය කියයි.
දෙසැ,30,(විමසුම) – ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන මිහින්තලයේ සතිපොළේ සංචාරයක නිරත විය.
දෙසැ,30,(විමසුම) – හෙට මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ 12.5 ක, ලාෆ්ස් ගෑස් රුපියල් 60 කින් අඩුකිරීමටත්, එම ප්‍රමාණයේ ෂෙල් ගෑස් මිල වෙනස් නොකිරීමටත් පාරිභෝගික අධිකාරිය තීන්දු කරයි.
දෙසැ,30,(විමසුම) – ලබන මාසයේදී බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් සුපිරි පිතිකරු සනත් ජයසූරිය ඉවත් කර ඇත.
දෙසැ,30,(විමසුම) – ඉදිරි පස දෙමහල්වද පිටුපස තෙමහල්වද වන පරිදි කෝටි ගණනක් වියදම් කර ජ.වි.පෙ නායකයෙකු සිය බිරිඳගේ නමින් මාදිවෙල ප්‍රදේශයේ මාළිගාවක් ඉදිකර තිබෙන බවට, විමල් වීරවංශ චෝදනා කරයි.