අගෝ,20,(විමසුම) - උතුරු මැද පළාත් එක්සත් ජනතා සන්ධාන මහ ඇමති අපේක්ෂක බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ ප්‍රබල ආධාරකරුවෙකු එප්පාවලදී වෙඩි ප්‍රහාරයකට ලක්වේ.
අගෝ,20,(විමසුම) - අද පස්වරුවේ පැවති ඔලිම්පික් කාන්තා මීටර් 200 තරගයේ හත්වන ස්ථානය ලැබූ, සුසන්තිකා ජයසිංහ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූවාය.
අගෝ,21,(විමසුම) – අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත පැනවූ අධිකරණ නියෝගය මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය දක්වමින් මාධ්‍ය සංවිධාන එක්ව සංවිධානය කළ විරෝධතාවයක් අද දහවල් 12.00 ට කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත්වේ.
අගෝ,21,(විමසුම) - ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව 18 වන වතාවටත් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොකිරීමට තීරණය කර තිබේ.
අගෝ,21,(විමසුම) – අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකුට එල්ලවූ ප්‍රහාරයකින් ඔහුගේ කකුලක් කැඩී රෝහල් ගතකළ බව, පොලීසිය කියයි.