මාර්තු,24,(විමසුම) )- දුම්රියවල සිඟමන් යෑදීම අප්‍රේල් පළමු වැනිදා සිට සම්පූර්ණයෙන්ම තහනම් කිරිමට රජය පියවර ගත් පරිදිම මෙය අනිකුත් මගී සේවාවන් සඳහාද ආදේශ කරන ලෙස මගීහු ඉල්ලා සිටිති.
මාර්තු,24,(විමසුම) – තමා සිතා මතා බුද්ධාගමට හෝ කිසිදු ආගමකට නිගාවක් කිරිමට කටයුතු නොකළ බව ජාත්‍යන්තර ගායක ඒකෝන් පවසයි.
මාර්තු,24,(විමසුම) – මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ආගමික ශාස්තෲන්වරුන්ගේ ඡායාරූප යොදා ගැනීමට ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියා කිරීම තරයේ හෙළා දකින බව අගරදගුරු පදවි ජන සන්නිවේදන කේන්ද්‍රය පවසයි.
මාර්තු,24 (විමසුම) – කාලය හා මුදල් නාස්තිය වළක්වා ගැනීමේ පියවරක් ලෙසින් එළඹෙන මහ මැතිවරණයේදී 5%කට අඩුවෙන් ඡන්ද ලබා ගන්නා පක්ෂ වල මනාප ගණන් නොකිරීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලය තීරණය කොට ඇත.
මාර්තු,24,(විමසුම) )- පසුගිය ජනපතිවරණ සමයේ රජය පොරොන්දු වූ රුපියල් 2500ක රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ලබන අයවැයෙන් ලබා දෙන බව අගමැති කියයි.