2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2008 >

බෝම්බ ප්‍රහාරයකින් පොලීසියේ 03 කට තුවාල  
10/28/2008 09:35
තුවාලකරුවන් අතර සිවිල් වැසියෙකුත්

ඔක්‍,28, (විමසුම) – මඩකලපුව කල්අඩි ප්‍රදේශයේදී එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයකින් කාත්තන්කුඩි පොලීසියේ නිළධාරීන් තිදෙනෙකු සහ සාමාන්‍ය වැසියකු තුවාල ලබා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.



අනුරුද්ධ රත්නායක සමු දේ  
10/28/2008 09:47

ඔක්‍,28, (විමසුම) – අනුරුද්ධ රත්නායක බොක්සිං ක්‍රීඩාවෙන් සමුගන්නා බව ‍‍‍නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.



ගංවතුර ආධාර වලට ලක්ෂ 143 ක්  
10/28/2008 10:56

ඔක්‍,28, (විමසුම) – ගංවතුරෙන් අවතැන් වූවන්ට සහන සැලසීම සඳහා ආපදා සහනසේවා හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය මගින් මේ වනවිට රුපියල් ලක්ෂ 143 ක් වැයකර ඇති බව එම අමාත්‍යාංශය කියයි.



ගාල්ලේ මීයන්ගෙන් ලෙඩ ගොඩයි  
10/28/2008 10:57

ඔක්‍,28, (විමසුම) – ගාල්ල දිස්ත්‍රික්කයෙන් මේ වසරේ මුල් මාස 10 තුළ මී උණ රෝගින් 330 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය බළධාරීහු පවසති.



වෙඩි ප්‍රහාරයකින් ටී.එම්.වී.පී. 04 ක් මරුට  
10/28/2008 11:15
05 ක් අතුරුදන්

ඔක්‍,28,(විමසුම) – මඩකළපුව චෙන්කල්අඩි ප්‍රදේශයේ ටී.එම්.වී.පී. පක්ෂ කාර්යාලයට අද අලුයම එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි සිව් දෙනෙකු මැරුණු බව පොලීසිය පවසයි.