සැප්,25,(විමසුම) – මේ වසරේ සමස්ත ලංකා පාසැල් ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බර් 27, 28, 29, 30 යන දිනයන් හි සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු යෙදා තිබෙන බව, අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
සැප්,25,(විමසුම) – ගුරු වර්ජන නිසා, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට බාධා මතු වුවත් ඔක්තෝම්බර් 05 වනදා පමණ වනවිට, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් අවසන් කිරීමට අපේක්ෂිත බව, අධ්‍යාපන අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.