දෙසැ,29,(විමසුම) – බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 21 න් පහළ පන්දුවාර 20-20 ක්‍රිකට් කණ්‌ඩායමේ නායකත්වය අශාන් ප්‍රියන්ජන්ට හිමිව තිබේ.
දෙසැ,29,(විමසුම) – ජනපතිවරණ මැතිවරණ ප්‍රචාරය ආශ්‍රිතව කළු සල්ලි හුවමාරු වීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් මේ පිළිබඳව වහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවිය යුතුබව, ” කැෆේ” සංවිධානය කියයි.
දෙසැ,29,(විමසුම) – දකුණු අසියාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ නව තරගකරුවන් සම්බන්ධයෙන් දැඩි අස්ථාවර බවක් අත්තේ ශ්‍රී ලංකාවේ බව LIRNEasia නම් රාජ්‍ය නොවන සංවිධානයේ නවතම වාර්තාවක් පෙන්වා දේ.
දෙසැ,29,(විමසුම) – ජෝර්දානයේ රැකියාවක නියුතු 23 හැවිරිදි ගෘහ සේවිකාවක ස්වකීය හාම්පුතාගේ දැඩි තාඩන පීඩනයන්ට ලක්ව එරට රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි, එරට මාධ්‍ය වාර්තා කරයි.
දෙසැ,29,(විමසුම) –රේණුකා ඇග්‍රි ෆුඩ්ස් සමාගමේ කොටස් ලබන 04 දා අහාරපාන හා දුම්කොළ වර්ගීකරණය යටතේ කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත කරන බව, එහි වාර්තා සඳහන් කරයි.