මැයි,22,(විමසුම) – ජුලි මස 01 වැනිදා සිට බල පැවැත්වෙන බස් ගාස්තු සංශෝධනය පිළිබඳව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ගාස්තු චක්‍රය මේ වන විට සකස් කරමින් පවතින බව එම කොමිෂන් සභාව කියයි.
මැයි,22,(විමසුම) – කැලණි, කළු, නිල්වලා, ගිං ගංගා ඇතුළු ගංඟා ආශ්‍රිතව ජීවත වන ජනතාවට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස රජය දැනුම් දෙයි.
මැයි,22,(විමසුම) – වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි 27 සහ 28 යන දිනයන්හි දිවයිනේ පිහිටි සියළුම සුරා සැල්, මස් මාංශ අලෙවි සැල්, සත්ව ඝාතකාගාර, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තබන ලෙස රජය දැනුම් දෙයි.
මැයි,22,(විමසුම) – පාසැල් රගර් ක්‍රීඩකයින් සඳහා තහනම් උත්තේජක පරීක්ෂණයක් සිදු කිරිමට ශ්‍රී ලංකා පාසැල් රගර් සංගමය තීරණය කර ඇත.
මැයි,22,(විමසුම)- ගංවතුරෙන් අවතැන් ජනතාවට සහන සැලසීම සඳහා සියළු අමාත්‍යවරුන් හා අදාළ නිළධාරීන් යොමුකිරීමේ අරමුණින් විදේශගතවීම් තාවකාලිකව තහනම් කරන ලෙස ජනපතිවරයා, සියළුම මැති ඇමතිවරුන් හට දන්වා තිබේ.