මාර්තු,23,(විමසුම) – කොළඹ නගරයට ආසන්නව තිබෙන නගර කිහිපයක් සංවර්ධනය කිරීමට ආයෝජකයින් කැඳවීමට තීරණය කර තිබෙන බව රජයේ උසස් නිළධාරියෙකු කියයි.
මාර්තු,23,(විමසුම)- උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සහ යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු හේතුවෙන් එම පළාත්වල අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා තවත් කාලයක් අවශ්‍ය බව රජය පවසයි.
මාර්තු,23,(විමසුම) – තමා මෙන්ම සිය ව්‍යාපාර කොළඹ කොටස් වෙළඳපොළේ ලයිස්තුගත කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා මෙරට ව්‍යවසායකයින්ගෙන් ඉල්ලයි.
(විමසුම) – යුද්ධය නිමාවීමෙන් පසුව වර්ධන මාවතට පිවිස තිබෙන ශ්‍රී ලංකාව ණය දෙන ආයතන වලින් වඩාත් නම්‍යශීලි භාවයක් සමග වැඩි සහයෝගයක් අපේක්ෂා කරන බව භාණ්ඩාගාර ලේකම්වරයා කියයි.
මාර්තු,23,(විමසුම) – රයිගම් වයඹ ලුණු සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව විවෘත වූ අද දිනයේම එයට අධි ඉල්ලුමක් ඇතිවෙයි.