අගෝ,19,(විමසුම) - ඇමරිකාවේ ඛනිජ තෙල් ඉල්ලුම අඩුවීම හමුවේ අද දිනයේදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළ යයි.
අගෝ,19,(විමසුම) - උතුරු මැද හා සබරගමුව පළාත් සභා මැතිවරණ දින ආරක්ෂක කටයුතු සඳහා, පොලිසියේ හා හමුදාවේ 21,000 කට අධික පිරිසක් යොදා ගන්නා බව, පොලීසිය කියයි.
අගෝ,19,(විමසුම) - එක්සත් ජාතික පක්ෂයේ විරෝධතා රැළියක් වාර්තා කිරීමට ගිය බී.බී.සී. සංදේශයේ මාධ්‍යවේදිනියකට ටී.එම්.වී.පී. පක්ෂ සාමාජිකයෙකු තර්ජනය කළ බවට චෝදනා එල්ලවේ.
අගෝ,20,(විමසුම) - ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් තරගාවලියේ මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද පස්වරුවේ සහභාගී වේ.