මාර්තු,21 (විමසුම) – ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති උපාලි ලියනගේ මහතා එම ධූරයෙන් ඉවත් කොට, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති සජින් වාස් ගුණවර්ධන මහතා එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇතැයි වාර්තා වේ.
මාර්තු,21 (විමසුම) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතාගේ මෑණියන් වූ කේමා සමරවීර මහත්මිය අද දහවල් කොළඹ පෞද්ගලික රෝහලක දී මෙලොවින් සමුගත්තාය.
මාර්තු,22,(විමසුම) – නාවික හමුදාවට අයත්, ප්‍රහාරක යාත්‍රාවක් අද උදෑසන, නයාරු මුහුදේදී, මුහුදු කොටි බෝම්බයකට හසුවී ගිලුණු බව, ආරක්ෂක අංශ කියයි.
මාර්තු,22 (විමසුම) – මුස්ලිම් ජනතාව මුහුණ පා ඇති ගැටළු සහිත යෝජනාමාළාවක් ප්‍රධාන පක්ෂ දෙකට ඉදිරිපත් කොට එම යෝජනා ක්‍රියාත්මක කිරීමට එකඟ වන දේශපාලන පක්ෂයට තම සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය තීරණය කොට ඇත.