ඔක්,20 (විමසුම) – අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාස භංගයට තම සහයෝගය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත.
ඔක්,20,(විමසුම) – එල්.ටී.ටී.ඊ සංවිධානයේ මූල්‍ය ශක්තිය මේ වන විට සියයට 70කින් පමණ අඩාල වී ඇතැයි ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ මධ්‍යස්ථානය පවසයි.
ඔක්,21 (විමසුම) – කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස ණයලාභීන්ගෙන් ණය අය කර ගැනීම 90%ක පසුබෑමකට ලක්ව ඇතැයි අනාවරණය වේ.
ඔක්,21 (විමසුම) – සුදුසුකම් නොලත් ඖෂධවේදීන් හා ලියාපදිංචි නොකළ ඔසු සල්වලට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඔක්,21 (විමසුම) – බස්නාහිර පළාතට පමණක් සීමා වන පරිදි තැන තැන කැළිකසළ දමන්නන්ට එම මොහොතේම දඬුවම් ලබා දෙන ආකාරයේ නීතියක් පැනවීමට පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය සැරසෙයි.