අප්‍රේල්,03,(විමසුම) – පුතුකුඩුඉරිප්පුවේ කොටින් සතුවූ අවසන් ප්‍රදේශය වූ ආනන්දපුරම් ප්‍රදේශය හමුදාව අල්ලා ගනී.
අප්‍රේල්,03, (විමසුම) – අම්පාර පානම ප්‍රදේශයේ දී අද උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ ප්‍රහාරයකින් එල්.ටී.ටී.ඊ.යේ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයෙකු ඇතුළු 13 දෙනෙකු මිය ගිය බව හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.
අප්‍රේල්,03,(විමසුම) – සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රාදේශීය වාර්තාකරුවෙකුට කිරිබත්ගොඩ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් අද ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව, එම මාධ්‍ය ජාලය පවසයි.
අප්‍රේල්,03,(විමසුම) – ලලිත් කොතලාවල මහතා සමග සාකච්ඡා මාර්ගයෙන් ගෝල්ඩන් කී අර්බුද ලිහා ගැනීමට කැමති බව, ගෝල්ඩන් කී තැන්පතු කරුවන්ගේ සංගමයේ සභාපතිනිය කියයි.
අප්‍රේල්,03,(විමසුම) – කටාර් රාජ්‍යයේ බැංකුවක ශාඛා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බව, රජයේ අමාත්‍යවරයෙකු පවසයි.