ජන,18,(විමසුම) –(තෙවන සංස්කරණය) ඊයේ රාත්‍රී 10.00 ට පමණ, තණමල්විල, මහවැව, කලවැල්ගල ගම්මානයට කොටි ත්‍රස්තවාදීන් එල්ලකළ ප්‍රහාරයෙන් මේ වනවිට 10 දෙනෙකු මියගොස් තිබෙන බව, හමුදා ප්‍රකාශකවරයා කියයි.
ජන,19 (විමසුම) – ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් අවදානමකට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ වාතාවරණය සාමාන්‍ය තත්ත්වයකට පත්වන තුරු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් හැකිතරම් වැළකී සිටින ලෙස රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය රුසියානුවන්ට අවවාද කොට ඇත.
ජන,19 (විමසුම) - ඇතැම් පුද්ගලයින් විසින් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රචාරය කරමින් සිටින විවිධාකාරයේ අසත්‍ය පුවත් පිළිබඳව කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස රජය ඉල්ලා සිටියි.
ජන,19,(විමසුම) - ඉරාන ආධාර සහිතව සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහසුවේ ධාරිතාවය වැඩිකිරීමට ඛනිජ තෙල් සංස්ථාව සැරසෙයි.
ජන,19 (විමසුම) - මන්නාරම,වව්නියාව හා යාපනය යන ප්‍රදේශවල ආරක්ෂක හමුදාවන් සමඟ ඊයේ ඇති වූ ගැටුම්වලින් කොටි සාමාජිකයින් 27 දෙනෙක් මිය ගොස් ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.