අසන්ත සිරිමාන්න, වොෂින්ටන් නුවර සිට වාර්තා කරයි
වොෂින්ටන්,ඔක්,19,(විමසුම) – මධ්‍යම ආදායම් රටවලට ණයදීමට ලෝක බැංකු ප්‍රධානියා ගේ නව උනන්දුවත් සමගම ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ආදායම් රටවලට ඉන් වැඩි අවස්ථාවක් හිමිවන ලකුණු පෙනේ.
ඔක්,19,(විමසුම) – රටේ සංවර්ධනය කෙරෙහි ආයෝජකයින් තබා ඇති විශ්වාසය ඩොලර් බැඳුම්කරයට වැඩි ලංසු ප්‍රමාණයක් ලැබීමෙන් තහවුරු වූ බව, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔක්,20,(විමසුම) – ලබන වසරේ ආරම්භය වන විට නැඟෙනහිර පළාතේ සිවිල් පරිපාලන කටයුතු සම්පූර්ණයෙන්ම ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය කරු ජයසූරිය මහතා පවසයි.
ඔක්,20,(විමසුම) – මිග් 27 යානා සම්බන්ධ ගනුදෙනුවට අදාලව සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ කළ වාර්තාවෙන් තමාට සාපරාධී අපහාසයක් සිදු වූ බවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත.
ඔක්,20 (විමසුම) – ඊයේ (19) උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදු වූ විවිධ ගැටුම් වලින් කොටි ත්‍රස්තවාදීන් කිහිපදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබන්නට ඇතැයි ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.