මැයි,22,(විමසුම) – අද දහවල් කාන්තන්කුඩි ප්‍රදේශයේ සිදු වූ පිල්ලයාන් පිළේ සාමාජිකයින් දෙදෙනාගේ ඝාතනය නිසා හටගත් මුස්ලිම්, පිල්ලයාන් ගැටුමකින් පුද්ගලයන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
මැයි,22,(විමසුම) – ද්‍රවිඩ මුස්ලිම් ගැටුමක් මින් ඉදිරියට ඇති නොවීමට තමන් හැකි උපරිම අයුරින් කටයුතු කරන බව, නැගෙනහිර මහ ඇමති පිල්ලයාන් මහතා තමන්ට සහතික වූ බව මුස්ලිම් කොංග්‍රස් නායකයා පවසයි.
මැයි,22,(විමසුම) – හෘදයාබාධයකින් මියගිය බව කියන කොටි සංවිධානයේ යුධ සේනාංක නායක බාල්රාජ් නැමැත්තාට, වේළුපිල්ලේ ප්‍රභාකරන් අවසන් ගෞරව දක්වයි.
මැයි,23,(විමසුම) –වවුනියාව මනිපුර ගනේෂපුර් ප්‍රදේශයේ නෙලුක්කුලම හිදී එල්.ටී.ටී.ඊ. තුවක්කුකරුවෙකු විසින් අද අලුයම දමිල සිවිල් වැසියෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
මැයි,23,(විමසුම) –මන්නාරම බසාර් ප්‍රදේශයේ දී ඊ.පී.ඩී.පී. සාමාජිකයකුට කොටි පිස්තෝල කල්ලිය විසින් වෙඩි තබා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.