2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2007 >

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙටයි  
09/22/2007 18:56

සැප්,22 (විමසුම) – පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා පවසයි.



කොළඹ නාගරික මන්ත්‍රීවරුන් සඳුදා සත්‍යග්‍රහයක  
09/23/2007 06:34

සැප්,23 (විමසුම) – කොළඹ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කොළඹ මහනගර සභාවේ පාලනය විශේෂ කොමසාරිස්වරයෙකුට පැවරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීමක් වශයෙන් ලබන සඳුදා සත්‍යග්‍රහයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්ථා වේ.



ලබන බදාදා කොළඹ නුවර ප්‍රධාන මාර්ගය වැසේ  
09/23/2007 10:25

සැප්,23 (විමසුම) – දිවංගත එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 48වන ගුණ සමරුව හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 7වැනි ගුණ සමරුව නිමිත්තෙන් ලබන බදාදා උදේ 7.00 සිට 10.00 දක්වා කොළඹ නුවර ප්‍රධාන මාර්ගය වසා තැබේ.



සාහිත්‍යය සම්මාන ප්‍රදානෝත්සවයේ අවසන් දිනය අදයි  
09/23/2007 10:48

සැප්,23 (විමසුම) – 2007 ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ අවසන් දිනය අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.



මඩකලපුවෙන් ගිනි අවි කිහිපයක් . . .  
09/23/2007 11:03

සැප්,23 (විමසුම) – ඊයේ (22) සවස 4.30ට පමණ මඩකලපුව ඔමඩියාමඩු ප්‍රදේශයේ දී සිවිල් වැසියකුගෙන් ලද තොරතුරක් මත කළ සෝදිසි මෙහෙයුමක දී කොටි ත්‍රස්තවාදීන් විසින් පාළු වත්තක වළ දමා ගිය ගිනි අවි කිහිපයක් ඇතුළු භාණ්ඩ ප්‍රමාණයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ වලට හැකි වී ඇත.