2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2007 >

“කොණ්ඩකාරයා” ගෙන් ලෝක වාර්තාවක්.  
03/29/2007 11:47
මාර්තු,29,(විමසුම)- ලෝක ක්‍රිකට් ඉතිහාසයේ, ජාත්‍යන්තර තරගවල දී, පිට පිටම පන්දු හතරක් තුළ, කඩුළු හතරක් දවාගත් පළමු ක්‍රීඩකයා වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ සමත්විය.



පෙට්‍රල් රුපියල් 07 කින් නගී.  
03/29/2007 19:44
මාර්තු,29,(විමසුම)- අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි, පෙට්‍රල් මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන ඇත.



ආර්ථිකය 7.7% කින් ඉදිරියට.........!  
03/30/2007 11:03
මාර්තු,30,(විමසුම)- ශ්‍රී ලංකාවේ ආර්ථිකය 7.7% කින් 2006 දි වර්ධනය වී ඇතැයි, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන අතරේ එය 7.4% වර්ධනයක් බව මහ බැංකුව කියයි.

මහ බැංකුව සිය 2006 වාර්ෂික වාර්තාව අද පෙරවරුවේ උත්සවාකාරයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත පිරිනැමීමට කටයුතු සුදානම් කර තිබුණි.

මෙවර මහ බැංකු වාර්තාව වෙන වසරවලට වඩා මසක් කලින් මුදල් පනතේ නියමයන්ට අනුව මුදල් ඇමතිවරයාට පිරිනැමීමට මහ බැංකුව පියවර ගෙන ඇත.

මෙවර එය වර්ණයෙන් නව විශේෂාංග ඇතුළත්ව මුද්‍රණය කිරිමට ද පියවර ගෙන තිබුණි.

මේ අතරේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය වසරේ සිය දත්ත වාර්තා මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ, මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාගත වු ඉහළම ආර්ථික වර්ධනය පසුගිය වසරේ වාර්තා වු බවයි.

කෘෂිකාර්ම්ක අංශය 6.1% කින්ද,කර්මාන්ත අංශය 8.4% කින් හා සේවා අංශය 7.8% කින් ගතවූ වර්ෂය තුළ වර්ධනය වී ඇත.

ආර්ථිකයේ සියලුම අංශ මේ අනුව ඉහළ ප්‍රගතියක් වාර්තාකිරිම මෙහි සුවිශේෂිත්ව යැයි සංඛ්‍යා ලේඛන ප්‍රධානී සුරංජනා විද්‍යාරත්න මහත්මිය පවසයි.

සේවා අංශය 59.3% කින්ද, කාර්මාන්ත අංශය 28.4% කින්ද, කෘෂිකාර්මික අංශය 12.3% කින්ද ආර්ථික වර්ධනයට දායක වී ඇත.

2005 වසරේ ආර්ථිකය වර්ධනය වුයේ 6.2 % කිනි.

ශ්‍රී ලංකා මහ බැංකුව කෘෂිකාර්මික අංශයට වැඩි බර තැබිමකින් යුතුව ආර්ථික වෘද්ධි සංඛ්‍යාලේඛන සකසන අතරේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊට වෙනස් මුහුණුවරකින් වෘද්ධි දර්ශක වලට බර තැබීම් කරයි.



සිවිල් වැසියන් 08 ක් මරුට.  
03/30/2007 11:34
මාර්තු,30,(විමසුම)-ඊයේ රාත්‍රී 7.30 ට පමණ, මඩකලපුවේ, මොරකොටන්චේන හා සිත්තන්ඩි ගම්මාන වලට කොටි ත්‍රස්තවාදීන් එල්ල කරන ලද, මෝටාර් ප්‍රහාර වලින් සිවිල් වැසියන් 08 දෙනෙකු මියගොස් ඇත.



නැව් හදන කතා.  
03/30/2007 12:44
මාර්තු,30,(විමසුම)- නැව් නිෂ්පාදනය කිරීමේ, මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ අ‍ාරම්භ කිරීම සඳහා, ක්‍රොඒෂියාව සමග සාකච්ඡා කරමින් සිටින බව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සරත් අමුණුගම පවසයි.