ජුනි,21,(විමසුම) – ලෝක කුසලාන විස්සයි -20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව හා පකිස්තාන කණ්ඩායම අතර අද ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ජුනි,21,(විමසුම) – දේශීය ආහාර නිෂ්පාදනය මෙන්ම පරිභෝජනයේ වැදගත්කම පිළිබඳව රටේ සෑම ක්ෂේත්‍රයක්ම දැනුවත් කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇති බව අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජුනි,21,(විමසුම) –නැගෙනහිර චීනයේ කර්මාන්තශාලාවක අද ඇති වූ පිපිරීමකින් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් තවත් 44 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ජුනි,21,(විමසුම) –විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ ඒකාබද්ධව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් ගොඩ නඟන බව එක්සත් ජාතික පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක පවසයි.
ජුනි,21,(විමසුම) –ජනතාවගේ කැමැත්තකින් තොරව නියමිත ජනපති ධූර කාලය ඉක්මවා තවදුරටත් ජනපති ධූරයේ සිටීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන පවසයි.