සැප්,21, (විමසුම) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 62 වන සමුළුවට සහභාගී වීමට විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අද ඇමරිකාව බලා පිටත්විය.
සැප්,21, (විමසුම) – අද සවස 2.15 ට පමණ අම්පාර, කල්මුණේ, චාවල්කඩේ ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. ය විසින් පුපුරවා හරින ලද ක්ලේමෝ බෝම්බයකින් සිවිල් වැසියෙකු මියගිය බව, ආරක්ෂක අංශ පවසයි.
සැප්,22 (විමසුම) – කුළියට ගත් ගොඩනැගිල්ලක හටගත් ආරවුලක් විසඳීමට මුදල් ලබා ගත් බස්නාහිර පළාත් නිවාස කොමසාරිස්වරයා ලබන ඔක්තෝබර් 03 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත‍්‍රාත් සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය ඊයේ නියම කළාය.
සැප්,22 (විමසුම) – බන්ධනාගාරයක් තුළින් උමගක් මතු වීමේ සිද්ධියක් පිළිබඳව කළුතර බන්ධනාගාරයෙන් වාර්ථා වේ.
සැප්,22 (විමසුම) – අද උදෑසන 11.45ට පමණ ත්‍රිකුණාමලය හා එරක්කන්ඩි අතර ප්‍රදේශයේ දී බස් රථයක් ඉලක්ක කර ගනිමින් කොටි ත්‍රස්තවාදින් විසින් පුපුරවා හරින ලද ක්ලේමෝ බෝම්බයකින් සිවිල් වැසියකු මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාළ ලබා ඇත.