අගෝ,17 (විමසුම) – “ජීවන් බේස්” නමින් හැඳින්වෙන වැලිඔය ප්‍රදේශයේ පිහිටි කොටි සංවිධානයේ විශාල භූගත පුහුණු කඳවුරක් අත්පත් කර ගැනීමට යුද හමුදාව සමත් විය.
අගෝ,17 (විමසුම) – පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද ඇරඹුනු අතර මෙවර විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් මුහුණ දෙයි.
අගෝ,17 (විමසුම) – ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් විසින් නිෂ්පාදනය කළ “ඕම් ශාන්ති ඕම්” චිත්‍රපටයේ එක් විකට ජවනිකාවක් සඳහා තමා වැන්නෙක් යොදා ගැනීම නිසා ෂාරුක්ට විරුද්ධව නඩු පැවරීමට ප්‍රවීණ නළු මනෝජ් කුමාර් සැරසෙයි.
අගෝ,17 (විමසුම) – විදේශ රැකියා නියෝජිතායතන වර්ගීකරණය කොට ලියාපදිංචි කිරීමේ ව්‍යපෘතියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ආරම්භ කර ඇත.
අගෝ,17 (විමසුම) – එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ යෝජනා ඇතුලත් එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයින් විසින් සකස් කළ වාර්තාව ලබන සතියේ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවසීය.