ඔක්,17,(විමසුම) – යාපනය ප්‍රදේශයේ එක් ස්ථානයකින් සොයාගත් විශාලතම පුපුරණ ද්‍රව්‍ය තොගය අද සොයාගත් බව, ආරක්ෂක අංශ කියයි.
ඔක්,18,(විමසුම) – කොළඹ දකුණු වරායේ, පළමු බහාලුම් පර්යන්තය ගොඩ නැගීම සඳහා තමන් වැඩි ලංසුව ඉදිරිපත්කළා යැයි, සමහර සමාගම් කීම සත්‍යයෙන් තොරබව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
ඔක්,18,(විමසුම) – මොරවැව ප්‍රදේශයේ දී ඊයේ අතුරුදන් වූ ජපන් ජාතිකයන් දෙදෙනා ඇතුළු 6 දෙනා අද උදෑසන වනවිට හමුවූ බව කන්තලේ පොලිස් කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්. එස් දයානන්ද මහතා “විමසුම” ට පැවසීය.
ඔක්,18,(විමසුම) – ජාත්‍යන්තර රතු කුරුස සංවිධානෙය් සාමාජිකයින් අද සේවයට නොපැමිණීම නිසා, ඕමන්තේ ඇතුළුවීමේ හා පිටවීමේ දොරටුව අද වසා දැමීමට සිදුව තිබෙන බව, ආරක්ෂක අංශ සඳහන් කරයි.
ඔක්,18,(විමසුම) – පුද්ගලයෙකුට ගිනි අවියෙන් පහරදී තුවාල සිදුකළ බවට චෝදනා එල්ලවී තිබූ ඇමති පුත් මාලක සිල්වා, ඇපමත නිදහස් කරන ලෙස අද කොළඹ මහාධිකරණය විසින් නියෝග කළේය.