දෙසැ,19,(Vimasuma) - මේ වනවිට යම් අවහිරතා තිබුණත් ලංකා ඉන්දීය තෙල් සමාගම සතුවත් ප්‍රමාණවත් තෙල් තොග තිබෙන බව, එහි සභාපතිවරයා කියයි.
දෙසැ,19,(Vimasuma) - කිලාලි කළපුවේ තිබෙනු දුටු කොටි බෝට්ටුවලට අද ගුවන් ප්‍රහාර එල්ලකළ බව ආරක්ෂක අංශ කියයි.
දෙසැ,19,(Vimasuma) - නාගරික සංවර්ධන අධිකාරිය මගින් පාලනය කරනු ලබන පළාත් පාලන ආයතන සතුව තිබූ තානායම් පාලනය නැවත එම පළාත් පාලන ආයතන වෙතට පැවරීමට රජය තීරණය කර ඇත.
දෙසැ,19,(Vimasuma) - පෙට්රල් මිල රුපියල් 100 දක්වා අඩු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය අද දවස තුළ ක්‍රියාත්මක නොකළහොත් ඊට එරෙහිව අධිකරණය වෙත යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
දෙසැ,19,(Vimasuma) - රජයේ හා අර්ධ රාජ්‍ය ආයතනවල මුද්‍රිත හා හා විද්‍යුත් සියළුම දැන්වීමි විකාශය, ප්‍රචාරණය හෝ පළ කිරිම (උපලේඛනගත කිරිම)මින් ඉදිරියට රජයට අයත් "සැලසිනේ" ආයතනය හරහා පමණක් සිදු කිරීමට රජය තීරණය කර ඇත.