| උදයසිරි වික්‍රමරත්න විසිනි.
(විමසුම) – මිනිහා යූඇන්පීකාරයා වුණත් හොඳ මිනිහා, මිනිහා ශ්‍රී ලංකාකාරයා වුණත් හොඳ මිනිහා, මිනිහා කොමිනියුස්ට්කාරයා වුණත් හොඳ මිනිහා, මිනිහා චින්තනකාරයා වුණත් හොඳ මිනිහා, (මෙහිදී චින්තනකාරයන් යනුවෙන් අදහස් වන්නේ මහින්ද චින්තනකාරයන් නොව ජාතික චින්තන කාරයන්ය. ජාතික චින්තනකාරයන් කියා පිරිසක් සිටියත් මහින්ද චින්තනකාරයන් කියා පිරිසක් නැත* ආදී වශයෙන් අද අපට අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ වෙනුවට අද අපට දකින්නට ලැබෙන්නේ යූඇන්පීකාරයන් සියලූ දෙනාම යූඇන්පීකාරයන්ට හොඳ බවය. ජේවීපීකාරයන්ට ජේවීපීකාරයන්ගෙන් පිට කිසිවෙක් හොඳ නැති බවය. ශ‍්‍රීලංකාකාරයන්ට කොච්චර හොඳ වුවත් යූඇන්පීකාරයන් පෙන්න්නට බැරි බවය.
|