ඔක්,17,(විමසුම) – පුද්ගලයෙකුට ගිනි අවියෙන් පහරදී තුවාල සිදුකළේයැයි චෝදනා ලැබ සිටින ඇමති පුත් මාලක සිල්වා, ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද පියවර ගත්තේය.
ඔක්,17,(විමසුම) - ත්‍රිකුණාමලය පාලඋත්තුර් ප්‍රදේශය තුළ අද උදෑසන සිදුකළ යුධ හමුදා සෝදිසි මෙහෙයුම්වල දී අවි ආයුධ රැසක් හමුවී ඇති බව, ආරක්ෂක අංශ පවසයි.
ඔක්,17,(විමසුම) - ශ්‍රී ලංකාව මුල් වරට නිකුත් කරනු ලැබූ ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර බැඳුම්කරය සඳහා නිකුතු වටිනාකමට වඩා වටිනා ලංසු ප්‍රමාණයක් ලැබුණු බව, අනාවරණය වේ.
ඔක්,17,(විමසුම) - මඩකලපුව සතුරුකොන්ඩාන් ප්‍රදේශයේ, මාර්ග ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකුට, එල්.ටී.ටී.ඊ.ය පිස්තෝල කල්ලියක් විසින් වෙඩි තබා ඇති බව ආරක්ෂක අංශ කියයි.
ඔක්,17,(විමසුම) - Zimbabwe inflation surges to 7,892 percent
ලෝකයේ වැඩිම උද්ධමනය ඇති රටවන සිම්බාබ්වේ රාජ්‍යයේ උද්ධමනය ගිය මාසයේ 8000% සීමාවට ළඟාවූ බව, ප්‍රංශ පුවත් සේවය කියයි.